ප්‍රතික්ෂේප වූ නාමයෝජනාවලට ගොනු වූ පෙත්සම් සලකා බැලීම අනිද්දා – ශ්‍රේෂ්ඨාධිකරණය

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අනිද්දා (03) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම කරුණට අදාළව ගොනුකර තිබෙන රිට් පෙත්සම් 37ක් අද (01) එස්.තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙකී නියෝගය නිකුත් කෙරුණේ.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් තුනකට අදාළව සමථයක් ඇති කර ගත හැකි බව සඳහන් කළා.

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් සති අන්තයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ නීතිපතිවරයා මෙන්ම පෙත්සම් කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ බවත් පිළිගත හැකි මට්ටමේ සුදුසුකම් සපුරා තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් පිළිගැනීමට තීරණය කර තිබෙනව බවත් ඇය දැනුම්දුන්නා.

ඒ අනුව එම පෙත්සම් තුන ඉවත් කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ ඉල්හාම් කාරියප්පන් යන අය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.

ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සෙසු පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවත් දැනුම්දුන්නා.

පළාත් පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමකට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමක් හෝ තේරීම් භාර නිලධාරියවරයා විසින් ඉටු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කළා.

එවැනි රිට් පෙත්සම් අභියෝගයට ලක් කළ හැක්කේ අභියාචනාධිකරණය හමුවේ බවත් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් ඇය සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම රිට් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ දර්ශන වේරදූවගේ සහ ඉල්හාම් කාරියප්පර් යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ නියෝග සහ විධිවිධානයන් අනුව බව සඳහන් කළා.

ඒ අනුව තේරීම්භාර නිලධාරීවරයා විසින් ඉටු කරන කාර්යයක් මැතිවරණ කොමිසමේ කටයුත්තක් සේ සලකා රිට් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාව තිබෙන බවත් ඔවුහු පෙන්වා දුන්නා.

සිය සේවාදායකයින් විසින් භාරදුන් නාමයෝජනා පත්‍ර සමඟ භාරදෙන ලද අපේක්ෂකයින්ගේ උප්පැන්න සහතිකවල ඇති ඌණතා, දිවුරුම් ප්‍රකාශයන් නිසි පරිදි සම්පූර්ණ කර නොතිබීම යනාදී කරුණු මත එම නාම යෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් මෙහිදී ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පන් සහ නීතීඥ ඉල්හාම් කාරියප්පන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

ඉන් අනතුරුව සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ජන අරගල සංවිධානය, ඇතුළු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම් 37ක් සම්බන්ධයෙන් වෙන් වෙන්ව කරුණු සලකා බැලීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම අනිද්දා දක්වා (03 වැනිදා) තෙක් කල් තතැබීමට විනිසුරු මඬුල්ල නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?