ප්‍රතික්ෂේප වූ නාමයෝජනාවලට ගොනු වූ පෙත්සම් සලකා බැලීම අනිද්දා – ශ්‍රේෂ්ඨාධිකරණය

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අනිද්දා (03) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම කරුණට අදාළව ගොනුකර තිබෙන රිට් පෙත්සම් 37ක් අද (01) එස්.තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙකී නියෝගය නිකුත් කෙරුණේ.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් තුනකට අදාළව සමථයක් ඇති කර ගත හැකි බව සඳහන් කළා.

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් සති අන්තයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ නීතිපතිවරයා මෙන්ම පෙත්සම් කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ බවත් පිළිගත හැකි මට්ටමේ සුදුසුකම් සපුරා තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් පිළිගැනීමට තීරණය කර තිබෙනව බවත් ඇය දැනුම්දුන්නා.

ඒ අනුව එම පෙත්සම් තුන ඉවත් කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ ඉල්හාම් කාරියප්පන් යන අය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.

ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සෙසු පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවත් දැනුම්දුන්නා.

පළාත් පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමකට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමක් හෝ තේරීම් භාර නිලධාරියවරයා විසින් ඉටු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කළා.

එවැනි රිට් පෙත්සම් අභියෝගයට ලක් කළ හැක්කේ අභියාචනාධිකරණය හමුවේ බවත් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් ඇය සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම රිට් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ දර්ශන වේරදූවගේ සහ ඉල්හාම් කාරියප්පර් යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ නියෝග සහ විධිවිධානයන් අනුව බව සඳහන් කළා.

ඒ අනුව තේරීම්භාර නිලධාරීවරයා විසින් ඉටු කරන කාර්යයක් මැතිවරණ කොමිසමේ කටයුත්තක් සේ සලකා රිට් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාව තිබෙන බවත් ඔවුහු පෙන්වා දුන්නා.

සිය සේවාදායකයින් විසින් භාරදුන් නාමයෝජනා පත්‍ර සමඟ භාරදෙන ලද අපේක්ෂකයින්ගේ උප්පැන්න සහතිකවල ඇති ඌණතා, දිවුරුම් ප්‍රකාශයන් නිසි පරිදි සම්පූර්ණ කර නොතිබීම යනාදී කරුණු මත එම නාම යෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් මෙහිදී ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පන් සහ නීතීඥ ඉල්හාම් කාරියප්පන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

ඉන් අනතුරුව සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ජන අරගල සංවිධානය, ඇතුළු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම් 37ක් සම්බන්ධයෙන් වෙන් වෙන්ව කරුණු සලකා බැලීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම අනිද්දා දක්වා (03 වැනිදා) තෙක් කල් තතැබීමට විනිසුරු මඬුල්ල නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25