පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස විවෘත කිරීමට කටයුතු කරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලිවලට අදාළ විමර්ශන කඩිනමි සිදුකිරීමේ අරමුණින් මෙලෙස පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස විවෘත කිරීමට රජය තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ, අනුව ඉදිරියේ දී අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ ඒ පළාත්වල ජනතාවට පළාත් මට්ටමින් ස්ථාපිත කෙරෙන අපරාධ විමර්ශන කොට්ඨාස වෙත සිදුකළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වඩාත් කාර්යක්ෂම වන අතරම, එම දෙපාර්තමේන්තුට ලැබෙන යම් පැමිණිලි ගණනක් අඩුකර ගනිමින් පළාත් මට්ටමින් අදාළ විමර්ශන කටයුතු දියත් කිරීම මෙම විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමමේ ප්‍රධාන අරමුණ වී ඇති බවත් ඔහු සඳහන් කළා.
උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාස විවෘත කිරීමේ අවස්ථාවට අද (08) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.





