පළාත් පාලන ආයතන උපයන මුදල් ගැන නිරීක්ෂණයට කෝපා කමිටුවේ අවධානය

පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

සභාපතිවරයා මෙම අදහස් පලකළේ 2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, 2004 වර්ෂයේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඇතැම් රාජ්‍ය ආයතනවල 1980 දශකයට අදාළ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් වූ බවයි. එහෙත් මෙම කමිටුවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ආයතන ගණනාවක් විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව ද අලගියවන්න මහතා පෙන්වාදී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ රජය ගෙනයන වැඩ පිළිවෙල පිළිබඳව ලෝක මුල්‍ය සංවිධාන සතුට පළකර ඇති බවයි. රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන යාන්ත්‍රණය එක්ව කටයුතු කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළා.

එමෙන්ම රට බංකලොත් යැයි ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඉන් රට මුදවා ගැනීමටල සකස් කර ඇති නීති රීති ක්‍රියාත්මක කිරීමට හා ඒවා සුරැකීමට කැපවිය යුතු බවද ඔහු අවධාරණය කළා.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ රාජ්‍ය ආයතන හා ආයතන ප්‍රධානීන් තවදුරටත් තම ආයතන වලට වග කියන ආකාරයට නීති ශක්තිමත් විය යුතු බවයි.

2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක ලකුණු ලබාගත් රාජ්‍ය ආයතන අගයමින් සහතිකපත් 113ක් ලබා දීම මෙහිදී සිදු කෙරුණා.

බස්නාහිර පළාත තුල රාජ්‍ය ආයතන 45ක් සඳහා සභාපතිවරුන් සහ අනෙකුත් සමාජික මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අතින් සහතික පත් ලබා දීම සිදු කෙරුණු අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ අනෙකුත් පළාත්වල රාජ්‍ය ආයතන 60ක් සඳහා සහතික පත් ලබා දීම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?