පළාත් පාලන ආයතන උපයන මුදල් ගැන නිරීක්ෂණයට කෝපා කමිටුවේ අවධානය

පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

සභාපතිවරයා මෙම අදහස් පලකළේ 2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, 2004 වර්ෂයේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඇතැම් රාජ්‍ය ආයතනවල 1980 දශකයට අදාළ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් වූ බවයි. එහෙත් මෙම කමිටුවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ආයතන ගණනාවක් විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව ද අලගියවන්න මහතා පෙන්වාදී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ රජය ගෙනයන වැඩ පිළිවෙල පිළිබඳව ලෝක මුල්‍ය සංවිධාන සතුට පළකර ඇති බවයි. රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන යාන්ත්‍රණය එක්ව කටයුතු කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළා.

එමෙන්ම රට බංකලොත් යැයි ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඉන් රට මුදවා ගැනීමටල සකස් කර ඇති නීති රීති ක්‍රියාත්මක කිරීමට හා ඒවා සුරැකීමට කැපවිය යුතු බවද ඔහු අවධාරණය කළා.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ රාජ්‍ය ආයතන හා ආයතන ප්‍රධානීන් තවදුරටත් තම ආයතන වලට වග කියන ආකාරයට නීති ශක්තිමත් විය යුතු බවයි.

2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක ලකුණු ලබාගත් රාජ්‍ය ආයතන අගයමින් සහතිකපත් 113ක් ලබා දීම මෙහිදී සිදු කෙරුණා.

බස්නාහිර පළාත තුල රාජ්‍ය ආයතන 45ක් සඳහා සභාපතිවරුන් සහ අනෙකුත් සමාජික මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අතින් සහතික පත් ලබා දීම සිදු කෙරුණු අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ අනෙකුත් පළාත්වල රාජ්‍ය ආයතන 60ක් සඳහා සහතික පත් ලබා දීම සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26