AFC Banner
Empty Ad
Empty Ad

පසුගිය රජයන් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස් (නිවේදන)

පසුගිය රජයන් මගින් භාවිතා කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනප්තිගෙන් උපදෙස් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

වාහන අවභාවිතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ෂණයක් ආරම්භකර ඇති බවයි එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.

එම නිවේදනයේ සඳහන්වන පරිදි ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල පවසා ඇත්තේ, ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදුකර ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

එහිදී ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833 අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති පෞද්ගලික ලේකම් මේ බව සඳහන් කර ඇත්තේ, ගාලු මුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (26) එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?