අතහැර දමා ගොස් ඇති සුඛෝපභෝගී වාහන අත්‍යාවශ්‍ය සේවා වෙත ලබාදීමට පියවර (නිවේදන)

පසුගිය රජයන් මගින් භාවිතා කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනාධිපතිගෙන් උපදෙස් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

වාහන අවභාවිතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ෂණයක් ආරම්භකර ඇති බවයි එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.

එම නිවේදනයේ සඳහන්වන පරිදි ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල පවසා ඇත්තේ, ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදුකර ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

එහිදී ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833 අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති පෞද්ගලික ලේකම් මේ බව සඳහන් කර ඇත්තේ, ගාලු මුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (26) එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17