ගාල්ල මහනගර සභාවේ ඊයේ (30) පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේ දී ලේකම් මණ්ඩලයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය සිදුකරමින් ජල ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධියට අදාළව ගාල්ල මහනගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන අතර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.













