පස් කන්දට යට වූ නිවසෙහි සුන්බුන් සොයා ගැනේ – මෙහෙයුම් නවතියි

පස් කන්දක් නාය යාම හේතුවෙන් යට වූ බලංගොඩ – වැහින්තැන්න ප්‍රදේශයේ පිහිටි නිවසෙහි සුන්බුන් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් ව තිබෙනවා.

මීට ටික වේලාවකට පෙරයි එම පස් කන්ද නාය ගිය ස්ථානයේ දීර්ඝ ලෙස මෙහෙයුම් සිදු කරමින් සිටි ආරක්ෂක අංශ නිලධාරීන් හට මෙම නිවසෙහි සුන්බුන් හමු ව ඇත්තේ.

නමුත් වාර්තා වන තොරතුරු අනුව, නිවසෙහි ගෙහිමියන් ව සිටි එකම පවුලේ මව, පියා සහ දැරියන් දෙදෙනාගේ සිරුරු මෙතෙක් හමු වී නැහැ.

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි ඊයේ රාත්‍රියේ දී මෙම නිවස මතට පස් කන්දක් කඩා වැටී ඇත්තේ.

එහිදී නිවසෙහි සිටි 45 හැවිරිදි පියා, 40 හැවිරිදි මව සහ 10 හා 16 වියෙහි පසුවන දැරියන් දෙදෙනා ද පස් කන්දට බිලි වුණා.

මෙම නායයෑමෙන් තවත් නිවාස 03කට ද හානි සිදු වුණා.

ඉන් එක් නිවසක සිර වී සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු අද පෙරවරුවේ දී මුදා ගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා.

අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා සිදු කරමින් තිබූ මෙහෙයුම් මේ වනවිටත් එම ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවතා දමා ඇති බවට අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මේ අතර නොනවතින වර්ෂාව හේතුවෙන් කෑගල්ල, මහනුවර, බදුල්ල, කුරුණෑගල සහ රත්නපුරට නිකුත් කර තිබූ නායයෑමේ අවවාදාත්මක නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
12
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?