පස් කන්දට යට වූ නිවසෙහි සුන්බුන් සොයා ගැනේ – මෙහෙයුම් නවතියි

පස් කන්දක් නාය යාම හේතුවෙන් යට වූ බලංගොඩ – වැහින්තැන්න ප්‍රදේශයේ පිහිටි නිවසෙහි සුන්බුන් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් ව තිබෙනවා.

මීට ටික වේලාවකට පෙරයි එම පස් කන්ද නාය ගිය ස්ථානයේ දීර්ඝ ලෙස මෙහෙයුම් සිදු කරමින් සිටි ආරක්ෂක අංශ නිලධාරීන් හට මෙම නිවසෙහි සුන්බුන් හමු ව ඇත්තේ.

නමුත් වාර්තා වන තොරතුරු අනුව, නිවසෙහි ගෙහිමියන් ව සිටි එකම පවුලේ මව, පියා සහ දැරියන් දෙදෙනාගේ සිරුරු මෙතෙක් හමු වී නැහැ.

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි ඊයේ රාත්‍රියේ දී මෙම නිවස මතට පස් කන්දක් කඩා වැටී ඇත්තේ.

එහිදී නිවසෙහි සිටි 45 හැවිරිදි පියා, 40 හැවිරිදි මව සහ 10 හා 16 වියෙහි පසුවන දැරියන් දෙදෙනා ද පස් කන්දට බිලි වුණා.

මෙම නායයෑමෙන් තවත් නිවාස 03කට ද හානි සිදු වුණා.

ඉන් එක් නිවසක සිර වී සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු අද පෙරවරුවේ දී මුදා ගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා.

අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා සිදු කරමින් තිබූ මෙහෙයුම් මේ වනවිටත් එම ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවතා දමා ඇති බවට අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මේ අතර නොනවතින වර්ෂාව හේතුවෙන් කෑගල්ල, මහනුවර, බදුල්ල, කුරුණෑගල සහ රත්නපුරට නිකුත් කර තිබූ නායයෑමේ අවවාදාත්මක නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25