පවුල පිටින් ඇවිත් සිදුකළ රන් කොල්ලයට පහක් අත්අඩංගුවට

කුලී පදනම මත නිවසක් ලබාගැනීමේ අරමුණින් පැමිණ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙකුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 07 වනදා මොවුන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගන්නා බව පවසා පැමිණ, එම නිවසේ සිටි කාන්තාවට පහර දී තුවාල සිදුකර නිදිපෙති පොවා රන් භාණ්ඩ කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාල සැකකරුවන් සහ සැකකාරියන් පිළිමතලාව, පේරාදෙණිය සහ දොම්පේ ප්‍රාදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 27 සහ 50 යන වයස් සීමාවල පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සහ සැකකාරියන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොවුන්ගෙන් සිව්දෙනෙක් එකම පවුලේ සාමාජිකයින් වන බවයි.

මොවුන් මීට වසරකට පමණ පෙර පැමිණිලිකාර කාන්තාවට අයත් කඩ කාමරයක් කුලී පදනම මත ලබාගෙන එහි ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකට විකුණා ඇති අතර, තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක උකස් තබා ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47