spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවුල පිටින් ඇවිත් සිදුකළ රන් කොල්ලයට පහක් අත්අඩංගුවට

කුලී පදනම මත නිවසක් ලබාගැනීමේ අරමුණින් පැමිණ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙකුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 07 වනදා මොවුන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගන්නා බව පවසා පැමිණ, එම නිවසේ සිටි කාන්තාවට පහර දී තුවාල සිදුකර නිදිපෙති පොවා රන් භාණ්ඩ කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාල සැකකරුවන් සහ සැකකාරියන් පිළිමතලාව, පේරාදෙණිය සහ දොම්පේ ප්‍රාදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 27 සහ 50 යන වයස් සීමාවල පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සහ සැකකාරියන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොවුන්ගෙන් සිව්දෙනෙක් එකම පවුලේ සාමාජිකයින් වන බවයි.

මොවුන් මීට වසරකට පමණ පෙර පැමිණිලිකාර කාන්තාවට අයත් කඩ කාමරයක් කුලී පදනම මත ලබාගෙන එහි ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකට විකුණා ඇති අතර, තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක උකස් තබා ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?