Empty Ad
Empty Ad
 Empty Ad

පදිකයෙකුට මරු කැඳවූ යතුරුපැදි අනතුර – යතුරුපැදිකරුටත් බරපතළයි

නුංගමුව පොලිස් වසමේ බේකරි හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (04) රාත්‍රී කාලයේ දීයි.

වේයන්ගොඩ සිට මාලිගාතැන්න දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා වතුපිටිවල රෝහලට ඇතුළත් කරමින් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ යතුරුපැදිකරු ද කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?