Empty Ad
AFC Banner
Empty Ad

නොසැලිකිලිමත් රියදුරෙක් නිසා බසයට ගොඩවුණු මවට හා දියණියට උන දේ

පේරාදෙණිය – නුවර මාර්ගයේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට තැත් කළ කාන්තාවක් බසයෙන් ඇද වැටෙන අයුරු වීඩියෝවක සටහන්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ සවස 4.40ට පමණය

මෙහිදී බස් රථයකට දියණියක් සහ මවක් ගොඩ නගින්න උත්සාහ කරන අතර දියණිය බස් රථයට ගොඩ වෙනවාත් සමඟම බස් රථය ගමන් කිරීම ආරම්භ කරයි.

නමුත් මවට බස් රථයට නැගීමට නොහැකි වන අතර ඇය එක්වරම බස් රථයෙන් ඇද වැටෙන ආකාරය ද දැකගත හැකි විය.

මව බස් රථයෙන් වැටෙනවා දුටු දියණියද ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පනින අතර ඇයවද මහා මර්ගයේ ම ඇද වැටෙන ආකාරය ද එම වීඩියෝවේ සටහන්ව තිබුණි.

මෙම අනතුර සිදුවන ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටින රථවාහන පොලිස් නිලධාරියෙකු ද සිටින අතර ඔහු බස් රථය නවතා ගන්නට සමත් වෙයි.

මාර්ග සංඥාවක් අසළ දී බස් රථයට මෙම මව සහ දියණිය නැගීමට උත්සාහ කිරීම නිසා මෙම අනතුර සිදු වුණා යැයි පිරිසක් සඳහන් කරන අතර තවත් පිරිසක් කියා සිටියේ පේරාදේණිය – නුවර මාර්ගයේ ධාවනය වන බස් රථ බස් නැවතුම්පොළ තුළ පමණක් නොව පාරේ මගීන් ඇති ඕනෑම තැනක තැනක් නොතැනක් බලා නවත්වන බවත් ඒ නිසා මෙවැනි අනතුරු සිද්ධ වෙන බවයි.

මෙම අනතුරින් කිසිවෙකුට බරපතළ හානියක් සිදු නොවුණු බව සඳහන් වෙයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

https://youtu.be/0y7-1aBiafM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
05:24:42
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුව දෙවනත් කරයි - හර්ෂගේ කතාවට ඇමතිවරු නිහඬ වෙයි
17:35
Video thumbnail
බොල්ගොඩ ගඟේ පාවුනු මළ සිරුර රටම හොයන කාන්තාවගෙද ?
02:16
Video thumbnail
පොලිස්පති අල්ලලා දුන්නොත් සල්ලි දෙනවද ?
05:31
Video thumbnail
දයාසිරිට කතාව මැද අද හොඳටම තදවෙයි - අපි මේවා කාටද කියන්නේ දෙයියන්ටද ?
14:02

?