නොමිලේ බෙදන හාල් නොලැබුණු නිසා ග්‍රාම නිලධාරිනියට ගුටි දීලා

රජය මඟින් ලබා දෙන සහල් නොදුන් බවට උරණ වූ කාන්තාවක සිදුකළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිවරිය බවයි වාර්තා වුණේ.

රජය මඟින් ලබාදෙන සහල් අදාළ කාන්තාවට නොලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ කාන්තාව විසින් ග්‍රාම නිලධාරීවරියට මෙලෙස පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරදීම සිදුකළ සැකකාර කාන්තාව ඊයේ (04) පස්වරුවේ කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිලධාරී වරිය පානදුර මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකාර කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?