නීතිවිරෝධීව ගෙන් වූ බව කියන සුපිරි රියක් ඇමති රොෂාන්ගේ වාහන අංගනයකින් සොයාගෙන

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් සඟවා තිබිය දී ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස අද (25) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මෙරට ජාතික පුවත්පතක පළකර තිබූ ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියා.

එහිදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙලෙස සොයාගෙන ඇති ජීප් රථයේ වටිනාකම රුපියල් මිලියන 20ක් වන බවයි.

රට තුළට වාහන ගෙන්වීම තහනම් කර තිබෙන පසුබිමක රජයේ අමාත්‍යවරයෙකු මෙලෙස නීතිවිරෝධී ලෙස වාහනයක් ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද මේ පිළිබඳව පැහැදිලිකිරීමක් සිදුකළ යුතු බවයි නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10