spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධීව ගෙන් වූ බව කියන සුපිරි රියක් ඇමති රොෂාන්ගේ වාහන අංගනයකින් සොයාගෙන

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් සඟවා තිබිය දී ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස අද (25) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මෙරට ජාතික පුවත්පතක පළකර තිබූ ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියා.

එහිදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙලෙස සොයාගෙන ඇති ජීප් රථයේ වටිනාකම රුපියල් මිලියන 20ක් වන බවයි.

රට තුළට වාහන ගෙන්වීම තහනම් කර තිබෙන පසුබිමක රජයේ අමාත්‍යවරයෙකු මෙලෙස නීතිවිරෝධී ලෙස වාහනයක් ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද මේ පිළිබඳව පැහැදිලිකිරීමක් සිදුකළ යුතු බවයි නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?