ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (24) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.
පිපිරීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරුණයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් එක් තරුණයෙකුගේ අතට බරපතල තුවාල සිදුවී ඇත.
මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





