AFC Banner
Empty Ad
Empty Ad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ අවසන් දිනය අද

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට වෙන්කර තිබූ කාලසීමාව අදින් (14) අවසන් වනවා.

ඒ, අනුව අද (14) දිනය ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම්කර තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු පුද්ග­ල­යින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යා­ල­යෙන් සිය අන­න්‍ය­තාව තහ­වුරු කර ඒවා ලබා ගත හැකි බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වුණා.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් තැපැල්ලරුවන් 8,000ක පමණ සංඛ්‍යාවක් යොදා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මේ අතර ලියාපදිංචි ඡන්දදායකයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?