නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ අවසන් දිනය අද

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට වෙන්කර තිබූ කාලසීමාව අදින් (14) අවසන් වනවා.

ඒ, අනුව අද (14) දිනය ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම්කර තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු පුද්ග­ල­යින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යා­ල­යෙන් සිය අන­න්‍ය­තාව තහ­වුරු කර ඒවා ලබා ගත හැකි බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වුණා.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් තැපැල්ලරුවන් 8,000ක පමණ සංඛ්‍යාවක් යොදා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මේ අතර ලියාපදිංචි ඡන්දදායකයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22