AFC Banner
Empty Ad
Empty Ad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක් බෙදා අවසන් – හෙට බෙදාහැරීමේ විශේෂ දිනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 30ක් පමණ මේ වන විට බෙදාහැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (08) දිනය ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

ඒ,අනුව හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නියමිත අතර, එලෙස බෙදාහැරෙන ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට නිවෙස්වල රැඳී සිටින ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා මහජනතාවට දැනුම් දුන්නේ.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සැප්තැම්බර් 14 වැනිදා දක්වා ගෙයින් ගෙට බෙදා හැරීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ ඩිං තුනක කාලය ඊයේ (06) අවසන් වුණා.

මෙම දින තුන තුළ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන 11 සහ 12 යන දෙදින අමතර දින ලෙස ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?