නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක් බෙදා අවසන් – හෙට බෙදාහැරීමේ විශේෂ දිනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 30ක් පමණ මේ වන විට බෙදාහැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (08) දිනය ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

ඒ,අනුව හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නියමිත අතර, එලෙස බෙදාහැරෙන ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට නිවෙස්වල රැඳී සිටින ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා මහජනතාවට දැනුම් දුන්නේ.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සැප්තැම්බර් 14 වැනිදා දක්වා ගෙයින් ගෙට බෙදා හැරීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ ඩිං තුනක කාලය ඊයේ (06) අවසන් වුණා.

මෙම දින තුන තුළ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන 11 සහ 12 යන දෙදින අමතර දින ලෙස ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11