මතුගම සභාවේ විපක්ෂ නායකයාගෙන් මතුගම පොලිස් ස්ථානාධිපතිට දෝස්මුරයක්

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණ භාර වී තිබෙනවා.

ඒ ඊයේ දිනයේ දී එම සභාවේ ලේකම්වරිය විසින් සභාපතිවරයා තමාට බැන තර්ජනය කර පහර දුන්නා යැයි මතුගම පොලිසිය වෙත පැමිණිලි කර ඇති පසුබිමකයි.

මේ වන විට සභාපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින්පවතින බවත් ඔහුව මතුගම අධිකරණය වෙත අද දිනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කළා.

කෙසේ වෙතත් මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා විසින් ප්‍රාදේශීය සභාපතිවරයා ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මතුගම පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරන බවට පැවසූ බවට අප වාර්තාකරු සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36