ගාල්ල මහ නගර සභාවේ ඊයේ (30) පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේදී ලේකම් මණ්ඩලයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය සිදුකරමින් ජල ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ගාල්ල මහනගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරු 05 දෙනා හට ඇප නියම වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කරනු ලැබුවේ ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්වයි.













