හෙළ ගී රැජිණියගේ නිසල දේහය බොරැල්ල පොදු සුසාන භූමියට විශේෂ රථ පෙරහැරකින් (වීඩියෝ)

අභාවප්‍රාප්ත ‍හෙළයේ ගීත කෝකිලාවිය‍ කලාසූරී ලතා වල්පොලගේ නිසල දේහය කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත මේ වන විට රැගෙන එමින් පවතිනවා.

ඒ විශේෂ රථ පෙළහරක් මඟින්.

බොරැල්ල පොදු සුසාන භූමිය වෙත දේහය රැගෙන ඒමෙන් අනතුරව ආගමික වතාවත් සිදුකොට හෙළ ගී රැජිණගේ නිසල දේහය භූමදානය කිරීමට නියමිතයි.