නිදහස් දිනය දා කළු කොඩියක් ඔසවන්න – වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි

එළඹෙන 75 වන නිදහස් දින සැමරුමේ දී වත්මන් පාලනයට විරෝධය පළ කරමින් ජාතික කොඩිය සමඟ කළු කොඩියක් ද ඔසවන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රටේ ජනතාව මුහුණ දෙන ගැටලු තව දුරටත් දරාගත නොහැකිවීම තුළ අරගලයට එහා ගිය දැවැන්ත පිපිරීමක ආරම්භය ඉතා ළඟ බවත්, 75 වන නිදහස වෙනුවෙන් මුහුදට නිකරුනේ වෙඩි තැබීම වෙනුවට අර්ථවත් කාර්යයක් සිදුකරන ලෙසත් නිදහස් දින සැමරුම දී ජාතික ධජය ඔසවන විට වත්මන් පාලනයට විරෝධය පළ කරමින් කළු කොඩියක් ද ඔසවන ලෙසත් නායක හිමියන් මෙහිදී පැවසුවා.

එමෙන්ම මැටි වළං හා සමාන ජනතාවක් රට තුළ ඉන්නාතාක් දූෂිත දේශපාලනඥයන්ට රජ මඟුල් කමින් මධුසමය ගත කිරීමට හැකියාව පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10