එළඹෙන 75 වන නිදහස් දින සැමරුමේ දී වත්මන් පාලනයට විරෝධය පළ කරමින් ජාතික කොඩිය සමඟ කළු කොඩියක් ද ඔසවන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
රටේ ජනතාව මුහුණ දෙන ගැටලු තව දුරටත් දරාගත නොහැකිවීම තුළ අරගලයට එහා ගිය දැවැන්ත පිපිරීමක ආරම්භය ඉතා ළඟ බවත්, 75 වන නිදහස වෙනුවෙන් මුහුදට නිකරුනේ වෙඩි තැබීම වෙනුවට අර්ථවත් කාර්යයක් සිදුකරන ලෙසත් නිදහස් දින සැමරුම දී ජාතික ධජය ඔසවන විට වත්මන් පාලනයට විරෝධය පළ කරමින් කළු කොඩියක් ද ඔසවන ලෙසත් නායක හිමියන් මෙහිදී පැවසුවා.
එමෙන්ම මැටි වළං හා සමාන ජනතාවක් රට තුළ ඉන්නාතාක් දූෂිත දේශපාලනඥයන්ට රජ මඟුල් කමින් මධුසමය ගත කිරීමට හැකියාව පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.














OBA WAHANSE NAYAKATHWAYA GANNA, 10-15 PATAN GENA SIYA GANAK DAWAS DEKATHUNAKIN EKATHU WELA SATHI 2 YANAKOTA DAHAS GANAK WELA MASAYAK YANNA KALIN LASHAYA PANIYI. OBA WAHANSE AWANKAWA ME WADETA NAYAKATHWAY GANNAWAMA MINISSU INNE EKATHU WENNA NAYAKATHWAYAK NATHIWA. EKA ETHEK METHEK PEWATHUNA SAMPRADAYIKA DESHAPALANA PAKSHAWALIN ENAWATA BOHO AYA KEMATHI NAHE. NIRDESHAPALANA NAYAKATHWAYA SAHITHA RIJU AWANKA RATATA MINISSUNTA ADHARAYA KARANA NAYAKATHWAYAK THIYE BAWA MINISSUNTA WISHWASAYAKA THI NAM ITHURU TIKA EYALA BALA GANIYI. ITHIHASAYE SITA HEMADAMATH UNA WAGEYI ME PARATH MAHA SANGAYA WAHANSE PERAMUNA GANNA. OBA WAHANSE KIYU AKARA GON MINISSU HITIYA 2022 PRIIL 9TA KALIN. EDAYIN PASSE EHEMA UN NAHE, INNA UN HANGIYA. DNA INNE PAPUWA IDHIRIYATA DALA NIRBHEEETHAWA IDHIRIYAMA YANA UN. EKA DAKKA NE MAHAAA BALA SAMPANNA GOTHAYA YAWAU HATI