නැගෙනහිර පන්ජාබයේ සරසවි සිසුවියක් දූෂණය වෙයි ? – ප්‍රාන්තයම නොසන්සුන්

පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියක් දූෂණයට ලක් කිරීමත් සමග එරට සරසවි සිසුන් විශාල ගණනක් වීදිවල දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.

රොයිටර් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර නොමැති වුව ද; ස්ත්‍රී දූෂණයකට එරෙහිව සරසවි සිසුන් විරෝධතා ආරම්භ කර ඇති බවත්; එම ප්‍රාන්තයේ පාසලක් ගිනිබත් කර ඇති බවයි.

ලාහෝර් නගරයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි සිසුවියකව ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාව එහි ආරක්ෂක නිලධාරියෙකුට එල්ල වී තිබෙනවා.

සරසවි සිසුන් චෝදනා කරන්නේ වහාම රජය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙම සිදුවීමත් සමග පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් හි සියලුම පාසල්, විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

විරෝධතාවයේ නිරත සිසුන් සිය ගණනක් රජයෙන් මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් නිලධාරීන් පවසන්නේ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් තවමත් සොයාගෙන නොමැති බවයි.

සමහරු එම සිදුවීම ව්‍යාජ ප්‍රවෘත්තියක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත ද චෝදනා කර ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ.

දින හතරක සිට දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාත්මක වීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් ගැටීමෙන් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවට ද වාර්තා වනවා.

මෙම ශිෂ්‍ය විරෝධතා සරසවි ගණනාවක පැතිර ගොස් ඇති බවත් ඇතැම් ශිෂ්‍යයින් පොලිස් අත්අඩංගුවට ද පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?