නානුඔය අනතුරින් මියගිය එකම පවුලේ 5 දෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ රිය අනතුරකින් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදී අද අලුයම සිදු කෙරුණා.

මෙලෙස මියගියේ 54 හැවිරිදි පියා, 42 හැවිරිදි මව, වයස අවුරුදු 14ක් වන ඥාති පුත්‍රයා මෙන්ම අවුරුදු 11 සහ 7 යන වයස්වල පසුවූ දියණියන් දෙදෙනෙක්.

දික්ඔය මුස්ලිම් පල්ලියේ සිදු කළ විශේෂ යාඥා මෙහෙයකින් පසු මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගිය පිරිසට අවසන් ගෞරව දැක්විම සඳහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව තිබෙනවා.

මියගිය පියා සහ ඥාති පුත්‍රයා එකම සොහොන් වලක සහ මවත්, දියණියන් දෙදෙනාත් එක් සොහොන් වලක මිහිදන් කරනු ලැබුවා.

අනතුරට ලක්වූ වෑන් රථයේ එම පවුලේ ඥාතින් දස දෙනෙකු ගමන් කර ඇති අතර, බරපතල තුවාල ලැබු අනෙකුත් සිව්දෙනා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මිය ගිය අය සිහි කරමින් හැටන් දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් ඊයේ (21) දින වසා දමා නගරය සුදු කොඩිවලින් සරසා තිබු බවයි.

මෙම අනතුරෙන් මිය ගිය වෑන් රථයේ රියදුරු වන හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයාගේ සිරුර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට සිදු කරන බවයි පවුලේ ඥාතින් ප්‍රකාශ කළේ.

අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරා වන 62 හැවිරිදි පුද්ගලයා නානුඔය පොලිසිය විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අද නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා.

පෙරේදා (20) දින රාත්‍රියේ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය රදැල්ල කෙටි මාර්ගයේ දී වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් ද අනතුරට පත් කරමින් මිටර් 100ක පමණ ප්‍රපාතයකට ඇදී ගොස් තිබුණා.

බස් රථයේ ගමන් ගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් 41 දෙනෙකු, ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුළු 53 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබු අතර, ඔවුන්ගෙන් 43 දෙනෙකු ඊයේ පස්වරුව වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා කියාසිටියේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 10 වසරෙන් ඉහළ ළමුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් බස් රථ 14 කින් නුවරඑළිය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණ ආපසු කොළඹ දක්වා ගමන් කරන අවස්ථාවේ මෙම අනතුර සිදු වී තිබෙනවා.

මේ අතර මෙම අනතුරින් පසු අධික බෑවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය ඊයේ සිට තහනම් කිරිමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරීමටයි නානුඔය පොලිසිය අවසර ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?