නානුඔය අනතුරින් මියගිය එකම පවුලේ 5 දෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ රිය අනතුරකින් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදී අද අලුයම සිදු කෙරුණා.

මෙලෙස මියගියේ 54 හැවිරිදි පියා, 42 හැවිරිදි මව, වයස අවුරුදු 14ක් වන ඥාති පුත්‍රයා මෙන්ම අවුරුදු 11 සහ 7 යන වයස්වල පසුවූ දියණියන් දෙදෙනෙක්.

දික්ඔය මුස්ලිම් පල්ලියේ සිදු කළ විශේෂ යාඥා මෙහෙයකින් පසු මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගිය පිරිසට අවසන් ගෞරව දැක්විම සඳහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව තිබෙනවා.

මියගිය පියා සහ ඥාති පුත්‍රයා එකම සොහොන් වලක සහ මවත්, දියණියන් දෙදෙනාත් එක් සොහොන් වලක මිහිදන් කරනු ලැබුවා.

අනතුරට ලක්වූ වෑන් රථයේ එම පවුලේ ඥාතින් දස දෙනෙකු ගමන් කර ඇති අතර, බරපතල තුවාල ලැබු අනෙකුත් සිව්දෙනා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මිය ගිය අය සිහි කරමින් හැටන් දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් ඊයේ (21) දින වසා දමා නගරය සුදු කොඩිවලින් සරසා තිබු බවයි.

මෙම අනතුරෙන් මිය ගිය වෑන් රථයේ රියදුරු වන හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයාගේ සිරුර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට සිදු කරන බවයි පවුලේ ඥාතින් ප්‍රකාශ කළේ.

අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරා වන 62 හැවිරිදි පුද්ගලයා නානුඔය පොලිසිය විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අද නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා.

පෙරේදා (20) දින රාත්‍රියේ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය රදැල්ල කෙටි මාර්ගයේ දී වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් ද අනතුරට පත් කරමින් මිටර් 100ක පමණ ප්‍රපාතයකට ඇදී ගොස් තිබුණා.

බස් රථයේ ගමන් ගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් 41 දෙනෙකු, ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුළු 53 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබු අතර, ඔවුන්ගෙන් 43 දෙනෙකු ඊයේ පස්වරුව වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා කියාසිටියේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 10 වසරෙන් ඉහළ ළමුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් බස් රථ 14 කින් නුවරඑළිය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණ ආපසු කොළඹ දක්වා ගමන් කරන අවස්ථාවේ මෙම අනතුර සිදු වී තිබෙනවා.

මේ අතර මෙම අනතුරින් පසු අධික බෑවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය ඊයේ සිට තහනම් කිරිමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරීමටයි නානුඔය පොලිසිය අවසර ලබා දී ඇත්තේ.

  1. ඇසින් දුටුවන් ගේ සාක්ෂි අනුව බස් සියල්ලම රේස් පදිමින්, වේගයෙන් ගමන් කළා නම්, බස්වල සිටි සියළූම ගුරුවරුන් හා දෙමාපියන් මේ ඛේදවාචකයට වගකිය යුතුයි. ඔවුන්ට යුතුකමක්, වගකීමක් තිබුනා රියදුරන්ට කියන්න වේගයෙන් ධාවනය නොකරන්න කියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53