නාඩගම්කාරයෝ ලියපු සද්ධාමංගල සූරියබණ්ඩාරගේ එකම පුතා මුල් වරට හෙළිකරපු කතාව මෙන්න

පාර දිගේ කියන ටෙලිනාට්‍ය මේ වන විට හැමෝම අතරේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. එහි ජූඩාගේ චරිතය නිරූපණය කරන ආකර්ෂණීය යොවුන් නළුවා හර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර යි. මොහු සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ එකම පුතණුවන් වෙනවා. සංගීත අධ්‍යක්ෂකවරෙයකු ලෙසත් කටයුතු කරන හර්ෂ පසුගිය දවසක මාධ්‍ය හමුවකට එකතු වෙලා තිබුනා.

මගේ නම හර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර.. මගේ තත්තා තමයි සද්ධාමංගල සූරියබණ්ඩාර.. මම අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ඉසිපතන විදුහලෙන්. වාණිජ අංශෙන් 2019 වසරේ උසස් පෙල විභාගය කලා. දැන් සංගීතය විෂයක් ලෙස හදාරන ගමන් රංගනයේ යෙදෙනවා. පාර දිගේ ටෙලිනාට්‍ය තමයි මගේ මුල්ම රංගනය.

ජූඩා කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර හොදයිද?
ඔව් ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. නෑදෑ හිත මිතුරන්ගෙන් නම් හිතුවට වඩා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

ඔබ අධ්‍යාපන කටයුතුවලට සමුදීලා රංගනය තෝර ගන්න හිතුවෙ ඇයි?
පොඩිකාලේ ඉදලම මම වෙලද දැන්වීම් වල හිටියා. නමුත් රංගනය පැත්තට යොමු වෙනීනෙ පාසලෙන් ඉවත් උනාට පස්සෙ. මුලින්ම අග්නි පියාපත් ටෙලිනාට්‍යයට පසුබිම් සංගීතය සැපයුවා. පාර දිගේ ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ මගේ අප්පච්චි නිසා. ඒ නාට්‍යයේ මියුසික් කරන්නෙ මම. සංගීතය ඇරුනම සිනමා අධ්‍යක්ෂණයට තමයි මගේ කැමැත්ත තියෙන්නෙ. චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න රඟපෑමෙන් ලැබෙන අත්දැකීම් ගොඩක් වැදගත් කියලා හිතනවා. අධ්‍යාපනය කියන දේ ඉතාම පැතිරුණු සංකල්පයක්. මගේ අදහස ඉදිරි අධ්‍යාපන කටයුතු සංගීතය සහ චිත්‍රපට කියන විෂය ක්ෂේත්‍රය ඔස්සේ හදාරන්න. ඒ දැනුම උපයෝගී කරගෙන චිත්‍රපටයක් කරලා සංගීත අධ්‍යක්ෂණයත් මා විසින්ම කරන්න තමයි මගේ බලාපොරොත්තුව..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28