නාඩගම්කාරයෝ මගේ අප්පච්චිගේ කතාව

සද්ධා මංගල සූරියබණ්ඩාර පිළිබඳ මේ දිනවල කාගෙත් අවධානය ලක් වන්නේ ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘නාඩගම්කාරයෝ’ හි තිර රචකයා වීමත් සමගයි.

ඔබ මාධ්‍ය තුළ විවිධ භූමිකා නිරුපණය කරන චරිතයක්. අද ඔබ ගැන කතා කරන්නේ පිටපත් රචනය නිසා…

පිටපත් රචකයකු හැටියට පිටපත් ලියන්න පටන් ගත්තේ ‘ඕල්වේස් බ්‍රේක්ඩවුන්’ එකේ පිටපත් රචකයා හරිත් ගුණවර්ධන ඉන් ඉවත් වීමත් එක්ක. ඒක දේශපාලන ප්‍රහසනයක්. පස්සේ රූපවාහිනියට සම්බන්ධ වුණාට පස්සේ අබ්දුල් රසූල්ගේ කෙටිකතා පොතක් කියවලා ‘සොරකම’ කියන කෙටි කතාව ඒකාංගික නාට්‍යයක් විදියට ලිව්වා. සන්තුෂ ලියනගේට දුන්නාම ඔහු ඒ දවස්වල කරපු කෙටිකතා නාට්‍ය මාලාවට මේ කතාවත් ගත්තා. පළමුවැනි වතාවට මගේ පිටපතක් අධ්‍යක්ෂණය කරපු අවස්ථාව. ඊට පස්සේ ලිව්වා ‘ලැම්බට් සහ සෝමපාල’ කියන ප්‍රහසන නාට්‍යය. ඒ වගේම ඇඟිලි සලකුණහි පිටපත.

ඔය කාලේ මගේ බිරිඳ චේතනි කිව්වා නාට්‍ය ලියන්න පුළුවන් නිසා ටිකක් දීර්ඝ නාට්‍යයක් ලියන්න කියලා. කොටස් 40ක නාට්‍යයක් ලිව්වා සුදු ගින්දර කියලා. මගේ යාළුවෙක් වුණු සුජිත් පරණවිතාන නාට්‍යයක් කරන්න පිටපතක් හොයද්දි මම මේ පිටපත දුන්නා.

ඔය අතරේ චාමර සමරවික්‍රම කියන මගේ මිත්‍රයා මගෙන් ඇහුවා නාට්‍ය පිටපතක් තියෙනවද කියලා. මම සුජිත්ට ලියපු එකක් තියෙනවා කියලා දුන්නා. ඊට පස්සේ සාකච්ඡා කරලා චාමර ඒ පිටපත කරන්න කැමති වුණා.

ඔබේ තිර පිටපත් රාශියක අධ්‍යක්ෂවරයා වන්නේ ශිවගුරුනාදන්?

මම ඉස්සර ශිවාගේ නම අහලා තිබ්බට අඳුරන්නේ නැහැ. නමුත් මම ඇඟිලි සලකුණ කරන කාලේ මට කතා කරලා ප්‍රශංසා කරනවා. හිතේ කිසිම කහටක් නැතුව එයාගේ වචනයෙන්ම කියනවා නම් “පට්ට වැඩක් බන්, මට නම් ඔහොම කරන්න බෑ, උඹ කොහොම කරනවද දන්නේ නෑ.” ඒ වගේ මට කියලා තියෙනවා. ඊට පස්සේ තමා කළු අරලිය තුළින් එකට වැඩ කරන්න හම්බෙන්නේ.

මම දකින දේ තමයි තිර පිටපතක් ලිව්වම එහි තියෙන චරිත අධ්‍යක්ෂවරයා හොඳින් අවබෝධ කරගෙන මම ලියපු කතාන්දරය කියන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ශිවා දක්ෂයි. මම කියන්නේ අනිත් අධ්‍යක්ෂවරුන් එහෙම නැහැ කියන එක නෙවෙයි. නමුත් කළු අරලියෙන් පටන් ගත් ගමන, අඟුරු සිත්තම්, කළු කුරුල්ලා, සුර දූතියෝ, රාජයෝගය, හංස පිහාටු, හාර කෝටිය, කෝටිපතියෝ, අමුතු රසිකයා, අග්නි පියාපත්, සහ නාඩගම්කරයෝ දක්වා ඇවිත් තියෙනවා ශිවා එක්ක.

මේ හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස් සහ රසික ආකර්ෂණය ඉහළින්ම ලැබුණු නිර්මාණ…

රහස මම දන්නෙත් නැහැ. මම හැමවිටම ලියන්නේ වෙනස් තේමාවන්. මගේ නාට්‍යවල මූලික වෙන්නේ ප්‍රේම කතාවක් නෙවෙයි. එහෙම කියන්නේ ප්‍රේමය නැතුවාම නෙවෙයි. නමුත් මූලික වෙන්නේ වෙන කතාවක්. වෙනසක් බලාපොරොත්තු වෙන මිනිසුන්ට මේ එකිනෙකට වෙනස් කතා තදින් දැනෙනවා වෙන්න පුළුවන්.

මෑතක ඉහළම ප්‍රතිචාරයක් ලබන්නේ නාඩගම්කාරයෝ, ගැන කතා කළොත්…

නාඩගම්කාරයෝ කියන්නේ මගේ අප්පච්චිගේ කතාව. අපේ ගම මහනුවර වටපුළුව. අප්පච්චි මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා. අපේ ගමේ හිටිය ජීවිත අරමුණක් නොතිබුණු තරුණයන් එකතු කරගෙන අප්පච්චිත් මේ වගේම නාට්‍ය සහ සංගීත පන්ති කළා. ඒ තුළින් බොහොමයක් ජීවිත වෙනස් වුණා. මම කුඩා කාලයේ ඒ දැක්ක දේ තමා මට මේ නාඩගම්කාරයෝ ලියන්න පසුබිම් වුණේ. මගේ බිරිඳ චේතනීගෙන් මට තිබ්බ දැඩි ඉල්ලීමක් තමා හැමවෙලේම සමාජයට පණිවුඩයක් දෙන ධනාත්මක දේවල් එකතු කරන්න කියන එක. ඒකත් මගේ ඔළුවේ තිබ්බ නිසා ඒ ගැනත් හිතලාම ලිව්වා.

ලැබෙන ප්‍රතිචාර ගැනත් අපි ටිකක් කතා කරමු…

විවිධ තරාතිරමේ ඉන්න අයගේ ප්‍රතිචාර ලැබෙනවා. මට හිතාගන්නත් බෑ මේ තරම් මිනිස්සු කැමති ඇයි කියලා. ඒ නිසාම චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහට කතා කරාම මම ඇහුවා ඇයි මේ නාට්‍යයට කැමති කියලා. ඔහු කිව්වේ තණමල්විල කොල්ලෙක් ගත්තම ඒකත් ගමේ. අපි හැමෝම ගමේ මිනිස්සු. ගමෙන් ආව අය නිසා ගමට තවම කැමතියි. නාඩගම්කාරයෝ විශේෂ වෙන්නේ ඒ තුළ තියෙන්නේ ගමේ තරුණයාගේ සෞන්දර්ය කෑල්ල. ඒ කොටස තමා අපිට මගහැරිලා තිබ්බේ කියලා. තව ගොඩක් අය කියන කතාවක් තමා පළිඟු මැණිකේගෙන් පස්සේ ආව නාට්‍යය කියලා. හැබැයි ඒ නාට්‍යයෙන් පස්සේ ගමේ කතා බිහිවුණා. නමුත් සෞන්දර්ය කියන දේ මගහැරිලා තිබ්බේ. කොයි තරම් දියුණු වුණත් නගරයේ ජීවත් වුණත් තවම මිනිස්සු යටිහිතින් ජීවත් වෙන්නේ ගමේ.

අනුෂා රණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15