නව සුරාසැල් ඇරීමට රජය ගත් තීන්දුවට මහ නා හිමිවරුන්ගෙන් දැඩි විරෝධයක් (වීඩියෝ)

රජය නව සුරාසැල් විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිදාන හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මදස්සී ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන හිමිපාණන් වහන්සේගේ අත්සන් සහිතව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

සුරාසැල් බලපත්‍ර ලබාදීමට රජය ගෙන ඇති පියවර ආර්ථික වාසි මෙන්ම දේශපාලන අවශ්‍යතා පූරණය කරගැනීමේ ජුගුප්සාජනක පරමාර්ථය පෙරදැරි කොට, ගෙන ඇති පියවරක් බවයි මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් එම ලිපිය මගින්
අවධාරණය කරන්නේ.

පටු ආත්මාර්ථකාමී ආර්ථික ආභිලාෂයන්ගෙන් මෙහෙයවන තැනැත්තා එකැස් ඇත්තෙකුට සමාන වන බව පවසන මහනායක හිමිවරුන්, එවැන්නෙක් ලෝකයේ සැබෑ තත්ත්වය නොදකින්නේ යම් සේ ද, එසේම ආර්ථික සංවර්ධනය ගැන පමණක් සිතා සදාචාරාත්මක ගුණ වගාවෙන් වියුක්ත වීමෙන් සමස්ත සමාජ සංස්ථාව ම බිඳ වැටෙන බව මෙරට මහජන නියෝජිතයින් වටහා නොගැනීම අවාසනාවක් බව ද සඳහන් කරනවා.

රටට ශ්‍රම බලකාය මෙන්ම පුද්ගලයාට කායික මානසික ඒ්කාග්‍රතාවය අහිමි කරවන මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමේ සමාජ අවශ්‍යතාවයක් පවතින අවස්ථාවක කිසිදු සොයාබැලීමකින් තොරව විවිධ ආගමික සිද්ධස්ථාන මෙන්ම පාසල් ආශ්‍රිතව ද
මත්පැන් සැල් විවෘත කිරීමට රජය කටයුතු කර ඇති බව මහ නාහිමිවරුන් පවසනවා.

මහජන යහපත උදෙසා කටයුතු කිරීමට සපථ කළ මහජන නියෝජිතයින් මෙවැනි අගතිගාමී කටයුතු වෙනුවෙන් පෙරමුණ ගැනීම සමස්ත රටවාසීන්ගේ අනාගතය අඳුරේ හෙළන පියවරක් බවයි ද මහනායක හිමිවරුන් පවසන්නේ.

ලිපිය යොමුකරමින් මහනායක හිමිවරුන් ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සමාජ පරිහානියට හේතුවන මෙම පියවරට එරෙහිව දැඩි සමාජ කැලඹීමක් ඇති වීමට පෙර එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?