නව සුරාසැල් ඇරීමට රජය ගත් තීන්දුවට මහ නා හිමිවරුන්ගෙන් දැඩි විරෝධයක් (වීඩියෝ)

රජය නව සුරාසැල් විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිදාන හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මදස්සී ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන හිමිපාණන් වහන්සේගේ අත්සන් සහිතව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

සුරාසැල් බලපත්‍ර ලබාදීමට රජය ගෙන ඇති පියවර ආර්ථික වාසි මෙන්ම දේශපාලන අවශ්‍යතා පූරණය කරගැනීමේ ජුගුප්සාජනක පරමාර්ථය පෙරදැරි කොට, ගෙන ඇති පියවරක් බවයි මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් එම ලිපිය මගින්
අවධාරණය කරන්නේ.

පටු ආත්මාර්ථකාමී ආර්ථික ආභිලාෂයන්ගෙන් මෙහෙයවන තැනැත්තා එකැස් ඇත්තෙකුට සමාන වන බව පවසන මහනායක හිමිවරුන්, එවැන්නෙක් ලෝකයේ සැබෑ තත්ත්වය නොදකින්නේ යම් සේ ද, එසේම ආර්ථික සංවර්ධනය ගැන පමණක් සිතා සදාචාරාත්මක ගුණ වගාවෙන් වියුක්ත වීමෙන් සමස්ත සමාජ සංස්ථාව ම බිඳ වැටෙන බව මෙරට මහජන නියෝජිතයින් වටහා නොගැනීම අවාසනාවක් බව ද සඳහන් කරනවා.

රටට ශ්‍රම බලකාය මෙන්ම පුද්ගලයාට කායික මානසික ඒ්කාග්‍රතාවය අහිමි කරවන මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමේ සමාජ අවශ්‍යතාවයක් පවතින අවස්ථාවක කිසිදු සොයාබැලීමකින් තොරව විවිධ ආගමික සිද්ධස්ථාන මෙන්ම පාසල් ආශ්‍රිතව ද
මත්පැන් සැල් විවෘත කිරීමට රජය කටයුතු කර ඇති බව මහ නාහිමිවරුන් පවසනවා.

මහජන යහපත උදෙසා කටයුතු කිරීමට සපථ කළ මහජන නියෝජිතයින් මෙවැනි අගතිගාමී කටයුතු වෙනුවෙන් පෙරමුණ ගැනීම සමස්ත රටවාසීන්ගේ අනාගතය අඳුරේ හෙළන පියවරක් බවයි ද මහනායක හිමිවරුන් පවසන්නේ.

ලිපිය යොමුකරමින් මහනායක හිමිවරුන් ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සමාජ පරිහානියට හේතුවන මෙම පියවරට එරෙහිව දැඩි සමාජ කැලඹීමක් ඇති වීමට පෙර එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39