නව සිගරැට්ටුවක් සමගින් මෙරට යෝධ පිම්මක් තබන්න අමාත්‍ය විමල් වීරවංශ පය තබයි

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි. සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා යි. මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පැවසුවේ. කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද (17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම කුරුඳු සිගරැට්ටු නිපදවීම සඳහා වසර 06 ක පමණ කාලයක් වෙහෙස මහන්සි වී තිබෙන අතර මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර වසරකට කුරුඳු සිගරැට් ලෝක වෙළඳපොළට අපනයනය කිරීම මගින් ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගැනීමයි. ලෝකයේ හොඳම කුරුඳු නිපදවන රට වන්නේද ශ්‍රී ලංකාව බැවින් මෙමගින් රටේ ආර්ථිකයට ලබා ගත හැකි දායකත්වය අති මහත්ය.

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?