නව විදුලිබල පනතට අත්සන් තබයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ, නව විදුලිබල පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබනු ලැබුවා.

ඒ අනුව, නව පනත ඊයේ දින සිට ක්‍රියාත්මක බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීම හා නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආරම්භ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ මෙම පනත මගින් විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු රටට අවාසි වගන්ති කිහිපයක් ඇතුළත් කර ඇති බවට විදුලිබල වෘත්තීය සමිති එල්ල කළ විරෝධතා මධ්‍යයේයි.

මෙවන් පසුබිමක අදාළ විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව කථානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බව, පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය සභාවට ඉදිරිපත් කරමින් කතානායකවරයා පසුගිය 04 වැනිදා පුකාශ කළා.

අනතුරුව, පැවති කාරක සභා අවස්ථාවේ දී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට අදාළ ව සංශෝධන එක් කිරීමෙන් අනතුරුව, එම පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත කළ අතර එම පනතට කතානායකවරයා ඊයේ දිනයේ
අත්සන් තබා තිබුණා.

ඒ අනුව, ඊයේ දිනයේ සිට අදාළ පනත් කෙටුම්පත මෙරට තුළ බලාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?