නව විදුලිබල පනතට අත්සන් තබයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ, නව විදුලිබල පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබනු ලැබුවා.

ඒ අනුව, නව පනත ඊයේ දින සිට ක්‍රියාත්මක බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීම හා නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආරම්භ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ මෙම පනත මගින් විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු රටට අවාසි වගන්ති කිහිපයක් ඇතුළත් කර ඇති බවට විදුලිබල වෘත්තීය සමිති එල්ල කළ විරෝධතා මධ්‍යයේයි.

මෙවන් පසුබිමක අදාළ විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව කථානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බව, පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය සභාවට ඉදිරිපත් කරමින් කතානායකවරයා පසුගිය 04 වැනිදා පුකාශ කළා.

අනතුරුව, පැවති කාරක සභා අවස්ථාවේ දී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට අදාළ ව සංශෝධන එක් කිරීමෙන් අනතුරුව, එම පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත කළ අතර එම පනතට කතානායකවරයා ඊයේ දිනයේ
අත්සන් තබා තිබුණා.

ඒ අනුව, ඊයේ දිනයේ සිට අදාළ පනත් කෙටුම්පත මෙරට තුළ බලාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14