නව පොලිස් ස්ථානාධිපතිවරයෙකුට රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ විරෝධය

ආනමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර්. අබේනායක පත් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව සහ විරෝධය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමු කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ඔහු මාදම්පේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී විවිධ පුද්ගලයින් යොදවා කුකුළන් කෙටවීම, බූරු ගැසීම, දැව ජාවාරම් සිදුකිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ආදී ජනතා විරෝධී කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ජනතාව විසින් පොලිස්පතිවරයාට එවකට කරනු ලැබූ පැමිණිලිවලට අදාළව කරනු ලැබූ විභාගයේදී වැරදිකරුවකු බවට පත්වූ දූෂිත නිළධාරියෙක් බව රාජ්‍ය අමාත්‍යවරයා යොමු කළ ලිපියේ දැක්වෙනවා.

අදාළ පත් කිරීම බරපතල ගැටළුවක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර එම පත් කිරීම වහාම අත්හිටුවීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Sanath Nishantha Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47