නව පොලිස් ස්ථානාධිපතිවරයෙකුට රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ විරෝධය

ආනමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර්. අබේනායක පත් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව සහ විරෝධය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමු කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ඔහු මාදම්පේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී විවිධ පුද්ගලයින් යොදවා කුකුළන් කෙටවීම, බූරු ගැසීම, දැව ජාවාරම් සිදුකිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ආදී ජනතා විරෝධී කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ජනතාව විසින් පොලිස්පතිවරයාට එවකට කරනු ලැබූ පැමිණිලිවලට අදාළව කරනු ලැබූ විභාගයේදී වැරදිකරුවකු බවට පත්වූ දූෂිත නිළධාරියෙක් බව රාජ්‍ය අමාත්‍යවරයා යොමු කළ ලිපියේ දැක්වෙනවා.

අදාළ පත් කිරීම බරපතල ගැටළුවක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර එම පත් කිරීම වහාම අත්හිටුවීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Sanath Nishantha Letter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12