නවදිල්ලියේ දී සැමරුණු අප්‍රිකානු දිනය

මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල වීමේ සිට අනාගතයේ දේශය දක්වා අප්‍රිකාව අද ශීඝ්‍ර වෙනස්කම්වලට භාජනය වෙමින් පවතින අතර ඉන්දියාව එය විශ්වාසයෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් ‘ස්වාභාවික හවුල්කරුවෙකු’ ලෙස සලකන බව විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

ඉන්දීය – අප්‍රිකා සබඳතා “ගැඹුරු මුල් බැස ඇති” බව සඳහන් කරමින් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රිකාවේ ඉන්දියාවේ කටයුතු නැවත අර්ථ දක්වා ඇති බවයි.

දිල්ලි අගනුවර පැවති අප්‍රිකානු දින සැමරුම් උත්සවය අමතමින් විදේශ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මානව සබඳතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අප්‍රිකාවේ සංවර්ධනයට සහාය වීමට ඉන්දියාවේ උත්සාහයන් ඔහු ඉස්මතු කළා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ අප්‍රිකානු රටවල් 33කට ඊ වීසා පහසුකම් පුළුල් කර ඇති බවයි.

මෑතකදී නව රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 16ක් විවෘත කිරීමත් සමග මහාද්වීපයේ ඇති ඉන්දීය දූත මණ්ඩල ගණන 45ක් දක්වා ඉහළ යනවා.

අප්‍රිකාව සමඟ දිගුකාලීන අධ්‍යාපනික සබඳතා ගැන ඉන්දියාව ආඩම්බර වන බව ප්‍රකාශ කරමින් ජයිශංකර් ප්‍රකාශ කළේ ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා (ITEC) වැඩසටහන යටතේ අප්‍රිකානුවන්ට ධාරිතා ගොඩනැගීම සහ පුහුණුව ලබා දීමේ දී ඉන්දියාව ඉදිරියෙන්ම සිටින බවයි.

ඉන්දීය රජය අප්‍රිකානු රටවල් 43 ක ව්‍යාපෘති 206 ක් නිම කර ඇති අතර ඉන්දීය සහනදායී ණය යටතේ ව්‍යාපෘති 65ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඩොලර් බිලියන 12.37 කට අධික මුදලක් වැය වන බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා.

පානීය ජලය සහ වාරිමාර්ග යෝජනා ක්‍රම, විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග, සිමෙන්ති, සීනි සහ රෙදිපිළි කර්මාන්තශාලා, තාක්ෂණ උද්‍යාන සහ දුම්රිය යටිතල පහසුකම් ආවරණය වන පරිදි තවත් ව්‍යාපෘති 81ක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු අනාවරණ කළා.

ඉන්දියාව අප්‍රිකාවේ සිව්වන විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර අප්‍රිකානු මහාද්වීපික නිදහස් වෙළඳ ප්‍රදේශ ගිවිසුම (AfCFTA) ගැඹුරු ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා අපේක්ෂාවන් විවෘත කර ඇති බව විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57