නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරවා හරින බවට ඉන්දීය පොලිසියට තර්ජනාත්මක පණිවුඩයක්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරවා හරින බවට ඉන්දීය පොලිසියට තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබී ඇති බව වාර්තා වනවා.

ඉන්දීය රජය රුපියල් කෝටි 500ක් ගෙවීමට අපොහොසත් වුවහොත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරුවා හරින බවට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ තර්ජනාත්මක ලිපියක් මුම්බායි පොලිසියට මෙලෙස ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට දිල්ලියේ මැන්ඩෝලි බන්ධනාගාරයේ රඳවා සිටින කුප්‍රකට පාතාල කල්ලි නායක ලෝරන්ස් බිෂ්නෝයි නිදහස් කරන ලෙසත් අදාළ ලිපිවල සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාර එල්ල කිරීම සඳහා පුද්ගලයින් යොදවා ඇති බව ද අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩවල සඳහන්.

මේ සම්බන්ධයේ අදාළ සියලු ආයතන දැනුම්වත් කිරීමට කටයුතු කළ බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

විදේශ රටක සිට අදාළ තර්ජනාත්මක ලිපි යොමුකර ඇති බවට මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ තරග 05ක් අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සමාරම්භක උත්සවය සහ පළමු තරගය මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් තරගයක් වන ඉන්දු – පාකිස්ථානය තරගය පැවැත්වෙන්නේ ද මෙම ක්‍රීඩාංගණයේ දීයි.

ඊට අමතරව අවසන් මහා තරගය පැවැත්වීමට ද සැලසුම්කර ඇත්තේ ලක්ෂයකට අධික ප්‍රේක්ෂක ධාරිතාවක් රැඳවිය හැකි අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී වීම විශේෂත්වයක්.

මෙම තර්ජනාත්මක ලිපි හේතුවෙන් ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21