spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරවා හරින බවට ඉන්දීය පොලිසියට තර්ජනාත්මක පණිවුඩයක්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරවා හරින බවට ඉන්දීය පොලිසියට තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබී ඇති බව වාර්තා වනවා.

ඉන්දීය රජය රුපියල් කෝටි 500ක් ගෙවීමට අපොහොසත් වුවහොත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරුවා හරින බවට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ තර්ජනාත්මක ලිපියක් මුම්බායි පොලිසියට මෙලෙස ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට දිල්ලියේ මැන්ඩෝලි බන්ධනාගාරයේ රඳවා සිටින කුප්‍රකට පාතාල කල්ලි නායක ලෝරන්ස් බිෂ්නෝයි නිදහස් කරන ලෙසත් අදාළ ලිපිවල සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාර එල්ල කිරීම සඳහා පුද්ගලයින් යොදවා ඇති බව ද අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩවල සඳහන්.

මේ සම්බන්ධයේ අදාළ සියලු ආයතන දැනුම්වත් කිරීමට කටයුතු කළ බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

විදේශ රටක සිට අදාළ තර්ජනාත්මක ලිපි යොමුකර ඇති බවට මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ තරග 05ක් අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සමාරම්භක උත්සවය සහ පළමු තරගය මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් තරගයක් වන ඉන්දු – පාකිස්ථානය තරගය පැවැත්වෙන්නේ ද මෙම ක්‍රීඩාංගණයේ දීයි.

ඊට අමතරව අවසන් මහා තරගය පැවැත්වීමට ද සැලසුම්කර ඇත්තේ ලක්ෂයකට අධික ප්‍රේක්ෂක ධාරිතාවක් රැඳවිය හැකි අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී වීම විශේෂත්වයක්.

මෙම තර්ජනාත්මක ලිපි හේතුවෙන් ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?