ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ධීවර පනත පාර්ලිමේන්තුවට

රට වටේට මුහුද තිබියදීත් , මෙරටට කරවල ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් අද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී ධීවර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මුලින්ම එම පනත කෙටුම්පත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවත් ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සාකච්ඡා කර අදාළ සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙට්ට්‍රික් ටොන් 293,880ක් වූ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගෙන තිබෙනවා .

මත්ස්‍ය නිෂ්පාදන වැඩි කර ගැනීම සඳහා රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබීම සහ භූමිතෙල් මිල වැඩිවීම ප්‍රධාන ගැටලු බවද පෙන්වා දුන්නා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?