ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ගිනිගනී

දෙමටගොඩ බේස්ලයින් ගුවන් පාලම මත ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනිගැනීමකට ලක්විය.බොරැල්ල සිට ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති බවත් ගින්නෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැති බවත් පොලීසිය පවසයි.

මෝටර් රථයේ එන්ජිම ප්‍රදේශයෙන් ගිනිගැනීම හටගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ නගර සභාවේ ගිනිනිවීම් ඒකකය අදාළ ස්ථානයට පැමිණන විටත් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබූ අතර ඉන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.

පොලීසිය පැවසුවේ  මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.ගිනිගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?