ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ගිනිගනී

දෙමටගොඩ බේස්ලයින් ගුවන් පාලම මත ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනිගැනීමකට ලක්විය.බොරැල්ල සිට ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති බවත් ගින්නෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැති බවත් පොලීසිය පවසයි.

මෝටර් රථයේ එන්ජිම ප්‍රදේශයෙන් ගිනිගැනීම හටගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ නගර සභාවේ ගිනිනිවීම් ඒකකය අදාළ ස්ථානයට පැමිණන විටත් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබූ අතර ඉන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.

පොලීසිය පැවසුවේ  මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.ගිනිගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22