AFC Banner
Empty Ad
Empty Ad

දොස්තර ෂාෆි යළි සේවයේ පිහිටුවුවහොත් හෝ වැටුප් දුන්නොත් සෞඛ්‍ය ලේකම් වගකීම භාරගත යුතුයි

සිංහල මවුවරුන් වඳභාවයට ලක්කළැයි චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතාට එරෙහිව පැවැත්වූ මූලික විමර්ශන වාර්තාවේ ඔහු වරදකරු බවට සඳහන්ව ඇති බවට තමන් වහන්සේට විශ්වාසදායී තොරතුරු ලැබී ඇතැයි සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්දසාගර හිමියෝ ඊයේ (17 දා) පැවසූහ.

වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතාට එරෙහිව මවුවරුන් වඳ කිරීමේ බරපතළ චෝදනාවක් පවතිද්දී ඔහු නැවත සේවයේ පිහිටුවීම හෝ වැටුප් ලබාදීම සිදු කරන්නේ නම් ඒ පිළිබඳව වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් භාර ගත යුතුව ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙසේ ද පැවසූහ.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් විවිධ කි‍්‍රයාවන්ට සම්බන්ධ බව පසුගිය කාලයේදී චෝදනා එල්ල වුණා. ඒ සෑම චෝදනාවකටත් වඩා මවුවරුන් වඳභාවයට පත් කළැයි කියන චෝදනාව බරපතළයි. අධිකරණයක ඔහුට එරෙහිව නඩු පවතිද්දී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට අවශ්‍ය විදිහට කටයුතු කරන්න බැහැ.

මවුවරුන්ට සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී පැලෝපීය නාළයන්ට හානි කරමින් වඳභාවයට පත්කිරීමට උත්සාහ කර ඇති බව සඳහන්. නමුත් ලංකාවේ මේක ඔප්පු කරන්න විද්‍යානුකූල ක‍්‍රමවේද නැහැ. අදාළ වෛද්‍යවරයා ඒ බව දැනගෙනම මේ දේවල් කළා වෙන්න පුළුවන්. මේ වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණවල විනිවිදභාවයක් තිබිය යුතුයි. තවමත් මවුවරු එනවා තමන්ට දෙවැනි දරුවා ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන්ට එරෙහිව පැවැත්වෙන ඉදිරි විමර්ශන දිහා අපි ඕනෑකමින් බලාගෙන ඉන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?