දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (වීඩියෝ)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වද හිංසාවට ලක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ බවයි.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්ධු තෙන්නකෝන්ට නියම කළ බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඊට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම විසින්ද දේශබන්ධු තෙන්නකෝන් මහතාට එරෙහිව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඊට අමතරව ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට එලල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබෙන බව පෙත්සමේ සඳහන්.

මෙම තත්ත්වය මත දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කරනු ලැබුවහොත් නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස අභියෝගයට ලක්විය හැකි බැවින් ඔහු එම තනතුරට පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15