දේශබන්දුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමකට අනුව මෙය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෝසමක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටින බවට ලද ස්ථාන 10ක් පරීක්ෂා කළ බවත් තවත් ස්ථාන 18ක බුද්ධි අංශ නිලධාරීන් ස්ථානගත කළ ද ඔහු ව සොයාගැනීමට නොහැකි වූ බවයි.

එබැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

දැනට විදෙස්ගත ව සිටින සැකකරු සහ දේශබන්දු තෙන්නකෝන් හැර සෙසු සැකකාර පොලිස් නිලධාරීන් 08 දෙනා මාර්තු මස 08 වැනි දින ස්වේච්ඡාවෙන් භාර වී ප්‍රකාශ ලබා දුන් බවත් අධිකරණයට කරුණු වාර්තා කළා.

මෙම සියලු කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන විනිසුරු අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ (10) ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා හෙට (12) කැඳවන ලෙසයි.

2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවු අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිසරයෙන්වරයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 27 වැනිදා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා.

ඒ අනුව හිටපු පොලිස්පපති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 07ක් ක්‍රියාත්මක වුව ද දින 12ක් තිස්සේ ඔහු ව සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40