AFC Banner
AFC Banner
Empty Ad

දේවාලයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

බොරලස්ගමුව ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපු මහතෙකු හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 150ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් පාලනය සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායමක් විසින් බෝධිරාජපුරවත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී යි හෙරොයින් මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරු විෂ්ණු සහ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වශයෙන් සේවයේ යෙදී සිටින බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරු දේවාලයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර විටින් විට කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයෙන් සුදු පැහැති සරමකින් සහ කමිසයකින් සැරසී යතුරුපැදියෙන් ගොස් මත්ද්‍රව්‍ය විහාරස්ථානය වෙත රැගෙන විත් පානය කර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු තදින්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?