දේවාලයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

බොරලස්ගමුව ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපු මහතෙකු හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 150ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් පාලනය සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායමක් විසින් බෝධිරාජපුරවත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී යි හෙරොයින් මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරු විෂ්ණු සහ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වශයෙන් සේවයේ යෙදී සිටින බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරු දේවාලයේ රාජකාරියේ යෙදී සිටින අතරතුර විටින් විට කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයෙන් සුදු පැහැති සරමකින් සහ කමිසයකින් සැරසී යතුරුපැදියෙන් ගොස් මත්ද්‍රව්‍ය විහාරස්ථානය වෙත රැගෙන විත් පානය කර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු තදින්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20